Posted on 10.28.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මෙරට වැවිලි බෝග සදහා හදිසියේ වසංගත රෝගයක් ඇතිවුවහොත් ඒ සඳහා ලබාදීමට අවශ්‍ය පලිබෝධ නාශකමෙරට තිබිය යුතු බැවින් පළිබොධ නාශක වර්ග 4ක් ගෙන්වීමට ජනාධිපතිවරයාගෙන් අවසර ඉල්ලූ බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද පවසයි.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (28) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
ඔහු පවසා ඇත්තේ කාබනික පොහොර යොදවන්නට බලපෑම් කළද අල සහ ලූනූ භෝග සම්බන්ධයෙන් වන රෝග එකිනෙකට වෙනස් වන අතර ඒවාට කාබනික වශයෙන් විසදුම් නොමැති බව පවසන ඇමතිවරයා පෙන්වා දෙන්නේ යම් හෙයකින් එවන් අවස්ථාවක් උදාවුවහොත් ඊට මුහුණ දීම සඳහා පලිබෝධ නාශක සුළු ප්‍රමාණයක් ආනයනය කර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තබා ගැනීමට කටයුතු කළ යුතු බව ය.
කෙසේවෙතත් ජනාධිපති ගෝඨාභය ඇතුළු වත්මන් පාලකයන් විසින් කාබනික වගාව ඉස්මතු කරමින් ගෙන ආ පිළිවෙත කිසිදු දිගුකාලීන වැඩපිළිවෙළක් නොමැති ප්රචාරක ව්‍යාපාරයක් පමණක් බව දේශපාලන අංශවල මෙන්ම විද්වතුන් අතර විවේනයට ලක් වෙමින් පවතී.