Posted on 11.21.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
රසායනික පොහොර තහනම අවසන් කරමින් දේශීය කෘෂිකර්මාන්ත අවශ්‍යතා වෙනුවෙන් රසායනික පොහොර ආනයනය සඳහා අවසර දීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් උදිත් කේ ජයසිංහ පවසයි.
කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කරන්නේ නිසි ප්‍රමිතියෙන් යුත් ගුනාත්මක ශාක පෝෂක සහ ශාක ආරක්ෂක මෙරටට ගෙන්වීමට යළි අවසර ලබාදීමට තීරණය කළ බවය.
නිර්දේශ ප්‍රමිතීන්ට සහ ඉතා ඉහළ ගුණාත්මයෙන් යුතු ශාක පෝෂක සහ ශාක ආරක්ෂක ආනයනය කළ යුතු ආකාරය හා ඒවා යෙදවීමේ සැලසුම් සම්බන්ධ වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ලබාදුන් පසුව මෙම තීරණයට එළඹ ඇති බවද ඔහු පවසයි.
විශේෂයෙන්ම එළවළු වගාව, වී වගාව සහ හානියට පත්වෙන්න හැකියාවක් තියෙන බඩඉරිඟු වැනි වගාව ඇතුළු සෙසු වගාවන්ට අවශ්‍ය ගුනාත්මක පොහොර වර්ග නිර්දේශිත ප්‍රමාණයන්ගෙන් හැකි ඉක්මනින් ආනයනය කරනු ඇති බවද ප්‍රථම අදියරේදී වී සහ තේ, පොල්, රබර්, එළවළු වගාවන් සඳහා ලංකාවේ දැනට නැති පොහොර වර්ග හැකි ඉක්මනින් ආනයනය කිරීමට මෙන්ම දැනට තේ, පොල්, රබර්වලට ලබාදෙමින් තියෙනපොහොර තොග වී වගාවට ලබා දී එකී අඩුව සපුරාලීම සඳහා ආනයන සිදු කිරීමට තීන්දුවක් ගෙන ඇත. මෙහිදී ප්‍රමිතියෙන් යුත් නිර්දේශිත පලිබෝධ නාශක, සහ කෘමිනාශක ලාදීමද සිදුවනු ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් උදිත් කේ ජයසිංහ පවසයි.