Posted on 10.21.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මෙරටදී කිසිදු පර්යේෂනයක් සිදු නොකොට ආනයනය කළ දියර නයිට්රජන් සියලුම ගොවීන්ට ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (21) පැවැසීය.
ජනාධිපතිවරයා මෙසේ පවසා තිබෙන්නේ ගොවිජන සේවා නිලධාරීන් සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද පස්වරුවේ පැවති සාකච්ඡාවකදීය.
මෙම දියර නයිට්රජනීය පොහොර අතිරේක පොහොරක් ලෙසද කාබනික පොහොරක් නොවන බවද විද්වතුන් මත පළ කර ඇති අතර ජනාධිපතිවරයා පවසන්නේ හරිත කෘෂිකර්මාන්තයේ අරමුණ සහ ඉලක්කය එක් කන්නයකට දෙකකට පමණක් නොව පරම්පරා ගණනාවකට සෙත සැලසීම බවය.
දියර පොහොර භාවිතය සම්බන්ධ කිසිදු උඵදේශකයකු ජනාධිපතිවරයාට උපදෙස් දී ඇත්දැයි තවමත් අනාවරනය වී නැති නමුත් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මෙම පොහොර ආනයනය කිරීමෙන් කිසියම් පිරිසකගේ වැරදි උපදෙසක් අනුගමනය කර ඇතැයි සක කළ හැකි බව කෘෂි ක්ෂේත්රයේ විද්වතුන් ප්රකාශකර ඇත.