தமிழ்
English
Contact
Monday 6th May 2019    
උද්ඝෝෂණයේ නිරත අයිටීඑන් සේවකයන් 13කගේ වැඩ තහනම් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

උද්ඝෝෂණයේ නිරත අයිටීඑන් සේවකයන් 13කගේ වැඩ තහනම්



ස්වාධීන රූපවාහිනී ආයතනයේ පාලනාධිකාරියට එරෙහිව විරෝධතාවයක නිරතවීම හේතුවෙන් එම ආයතනයේ සේවකයන් 13 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇතැයි වාර්තාවේ. අයිටීඑන් ආයතනය සුරැකීමේ එකමුතුව නම් සංවිධානයක ප්‍රකාශකයෙක් සඳහන් කර ඇති පරිදි ඊයේ (01) සන්ධ්‍යාව වන විටත් ඔවුන්ට කිසිදු චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර නොමැති අතර ආරක්ෂක අංශ වෙත පාලනාධිකාරිය දැනුවත් කර ඇත්තේ එම කණ්ඩායම වැඩ තහනම් කර ඇති බැවින් ආයතනය තුළට ඇතුළුවීම වළකන ලෙසය.

එම ප්‍රකාශකය සඳහන් කරන පරිදි මෙම වැඩ තහනමට ලක්වූ පිරිස සහ තවත් 400ක් පමණ සේවකයන් අයිටීඑන් ආයතනයේ පරිහානියට හේතුවී ඇති දේශපාලන පත්වීම් සිදුකිරීම නවත්වන ලෙස ඉල්ලමින් විරෝධතාවයක නිරත වූ බවයි.

අයිටීඑන් ආයතනය සුරැකීමේ එකමුතුව පවසන පරිදි සභාපතිවරයා සහ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයා හැර අනෙකුත් සියලු පත්වීම් දේශපාලන පත්වීම් නොවිය යුතු බවයි.

දැනට මතුව තිබෙන මෙම අර්බුදකාරී තත්ත්වය විසඳා ගැනීම සඳහා ඊයේ (01) සිය ඉල්ලීම් සහ ගැටළු රැගත් ලිපියක් භාරදී සාකච්ජා කිරීම සඳහා විෂය භාර අමාත්‍යාංශය වෙත ගියද එහි ලේකම්වරයෙකු සිය නියෝජිතයින් මඟහැර ගිය බවයි අයිටීඑන් සුරැකීමේ එකමුතුව ප්‍රකාශ කරතිබේ තිබේ.

කිසියම් ආයතනයක උද්ඝෝෂණය කිරීම හේතුවෙන් සේවකයන්මෙගේ වැඩ තහනම් කිරීමද අනුමත කළ නොහැක්කකි.රාජ්‍ය මාධ්‍ය දේශපාලන පත්වීම්වල තෝතැන්නක් බවට පත්ව තිබේ. අලුත් ආණ්ඩුවක් පත්වූ වහාම වෘත්තීය සුදුසුකම් පරික්ෂා කිරීමකින් තොරව මෙම ආයතනවලට සේවකයන් පත්කිරීම සිදුකිරීම විශාල ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. නැවත බලය මාරු වනවිට මීට පෙර කරන ලද පත්කිරීම් අවලංගු කරනු දක්නට ලැබේ. එම නිසා මෙම තත්ත්වය වහාම වෙනස් විය යුතු තත්ත්වයකි. එසේම දේශපාලන පත්කිරීම් නවත්වන ලෙස සිදුකරන මෙම උද්ඝෝෂණවල සැබෑ අරමුණ එයමද යන්න ගැටලුව පවතියි.