தமிழ்
English
Contact
Monday 6th May 2019    
ලංකාවේ ජනමාධ්‍ය පවුල් 7ක ආධිපත්‍යයට! - සමීක්ෂණයකින් හෙළිවේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලංකාවේ ජනමාධ්‍ය පවුල් 7ක ආධිපත්‍යයට! – සමීක්ෂණයකින් හෙළිවේ



ලංකාවේ ජනතාව වෙත දිනපතා තොරතුරු සැපයීම හා එම තොරතුරු අතුරින් ප‍්‍රමුඛ ලෙස ප‍්‍රචාරය කළ යුතු ප‍්‍රවෘත්ති මොනවාද සහ වසන් කළ යුතු තොරතුරු මොනවාද යන්න තීරණය කරනුයේ ප‍්‍රධාන ජනමාධ්‍යයන් අයිති පවුල් කිහිපයක් විසින් බව ව්‍යාපාරික ප‍්‍රවණතා පිළිබඳ සමීක්ෂණ ආයතනයක් මගින් හෙළිදරව් කර තිබේ.
එහිදී ප‍්‍රධාන පෙළේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය පාලනය කරන්නේ ධනවත් ව්‍යාපාරික පවුල් 7ක් විසින් බව අනාවරණය වී ඇත. ලංකාවේ ජනතාව වෙත දිනපතා තොරතුරු සැපයීම හා එම තොරතුරු අතුරින් ප‍්‍රමුඛ ලෙස ප‍්‍රචාරය කළ යුතු ප‍්‍රවෘත්ති මොනවාද සහ වසන් කළ යුතු තොරතුරු මොනවාද යන්න තීරණය කරනුයේ ප‍්‍රධාන ජනමාධ්‍ය හිමිකාරත්වය ඇති එම පවුල් විසින් බව ව්‍යාපාරික සමීක්ෂණ ආයතනයක් වන LMRB විසින් හෙළිකරන ලදී.
අනාවරණය කළ සමීක්ෂණ තොරතුරු ඇසුරින් හෙළිවන ආකාරයට ලංකාවේ රූපවාහිනී ආයතන 4ක් විසින් පේ‍්‍රක්ෂක ජනයාගෙන් 77%කගේ ජීවිතය දෛනිකව හසුරුවන අතර පුවත්පත් ආයතන 4ක් මගින් පාඨක ජනතාවගෙන් 75%ක්ද ගුවන්විදුලි ආයතන 4ක් මගින් ශ‍්‍රාවකයන් අතුරින් 74%ක්ද හසුරුවන බව අනාවරණය වේ.
මේ ආකාරයට ප‍්‍රධාන ජනමාධ්‍ය ආයතන විසින් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ කුතුහලය සංතෘප්ත කරන අතරම එම මාධ්‍ය ආයතනවල දේශපාලන දැක්ම හරහා ජනමතය පාලනය කරයි. විශේෂයෙන් පාලක නිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව දරණ මතය රාජ්‍ය මාධ්‍ය ආයතන හරහා ජනතාවට පොම්ප කරයි. එසේම පෞද්ගලික ජනමාධ්‍ය සමාගම් කිහිපයක් සාතිශය බහුතරයක් ජනයාගේ ආණ්ඩු විරෝධය හසුරුවයි. මේ නිසා ආණ්ඩුවට පක්ෂපාත සහ ලිබරල්වාදී මත ප‍්‍රචාරයට ජනප‍්‍රිය මාධ්‍ය ආයතන නැඹුරුවන අතරම විපක්ෂයේ විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ හිතවාදී මාධ්‍ය ආයතන හරහා ජාතිකවාදී මතවාද පෝෂණය කරයි. මේ නිසා නව ලිබරල් ධනවාදයට එරෙහිව ජනතාව අතර ගොඩනැගෙන විරෝධය ජාතිකවාදී හා අන්ත ජාතිවාදී දේශපාලන ව්‍යාපෘති කරා කොටු කිරීමේ ක‍්‍රියාදාමයක් ජනමාධ්‍ය ආධිපත්‍ය දරණ සමාගම් හරහා සිදුවේ.
මෙම තත්වය වඩාත් නිරුවත් ලෙස අනාවරණය වූයේ 2018 ඔක්තෝබර් දේශපාලන කුමන්ත‍්‍රණයට පසුවය. එහිදී හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ යළි බලයට පත්කිරීම පිණිස ඇතැම් මාධ්‍ය ආයතන සහයෝගය දෙන්නටත් අගමැති ධුරයට පත්කරන ලද මහින්ද රාජපක්ෂට වාසිදායක මත සපයන්නට තවත් මාධ්‍ය ආයතනත් ප‍්‍රසිද්ධියේ කටයුතු කරන ලදී. ලංකාවේ ජනමාධ්‍ය සමාගම් ආධිපත්‍ය හරහා සාමාන්‍ය ජනතාවගෙන් සාතිශය බහුතරයක හැසිරීම හා දේශපාලනය තීරණය කරන තත්වයක් ඇති බව මෙයින් පැහදිලිව පෙනේ.
ඛඵඍඊ සමීක්ෂණය අනුව, ලංකාවේ රූපවාහිනී පේ‍්‍රක්ෂකයන්ගෙන් 77%ක් ආවරණය කරන්නේ සමාගම් 4ක් මගිනි. එනම්,
1. කැපිටල් මහාරාජා(Capitol Maharaja) සමාගම (කිලී මහාරාජා) – 22.22% (සිරස ටීවී 15.4% , ශක්ති ටීවී 6.1%, ටීවී වන් 0.7%)
2. පවර් හවුස් සමාගම(Power House) (දිලිත් ජයවීර සහ අරුණි අමුණුගම) – 19.80% (දෙරණ ටීවී 19.5%, දෙරණ 24.7 0.3%)
3. ඒබීසී සමාගම (ABC Group) (රෙනෝ සිල්වා) – 18.10% (හිරු ටීවී 18.1%)
4. රාජ්‍ය රූපවාහිනී ආයතන (SLRC & ITN)- 16.90% (රූපවාහිනී 4.3%, අයි නාලිකාව 3.2%, ස්වාධීන රූපවාහිනී 7.0%, වසන්තම් ටීවී 2.4%)
ලංකාවේ ගුවන්විදුලි ශ‍්‍රාවකයන්ගෙන් 74.45%ක් ආවරණය කරන්නේ සමාගම් 4ක් මගිනි. එනම්, 1. රෙනෝ සිල්වා 24.72% (හිරු එෆ්එම් 19.31%, සූරියන් එෆ්එම් 9.47%, ශා එෆ්එම් 3.97%, ගෝල්ඞ් එෆ්එම් 0.69%, සන් එෆ්එම් 0.32%)
2. කිලී මහාරාජා 22.71% (සිරස එෆ්එම් 12.88%, ශක්ති එෆ්එම් 5.94%, වයි එෆ්එම් 3.7%, යර්ස් එෆ්එම් 0.2%, ලෙජෙන්ඞ්ස් එෆ්එම් 0.04%)
3. දිලිත් ජයවීර සහ අරුණි අමුණුගම 14.31% (එෆ්එම් දෙරණ 13.31%* 4. නිහාල් සෙනවිරත්න ඈපා 12.66% (නෙත් එෆ්එම් 12.66)
එසේම ලංකාවේ පුවත්පත් පාඨකයන්ගෙන් 75.45%ක් ආවරණය කරන්නේ සමාගම් 4ක් මගිනි. 1. රංජිත් විජේවර්ධන (Wijeya newspapers) 47.18%
2. රජය (Associated Newspapers) 9.83%
3. නිමල් වෙල්ගම (Upali Newspapers) 10.00%
4. ටිරාන් අලස් (Ceylon Newspapers) 8.44%
මෙම කරුණු අනාවරණය කරන මූලාශ‍්‍රය වන්නේ – LMRB – Lanka Business Research Bureau 2017 වාර්තාවකිනි.