Posted on 01.10.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ජඩ මාධ්‍යකරණයට එරෙහි ජනතා විරෝධතාවය ලෙස සංවිධාන කිහිපයක එකතුවකින් මාධ්‍ය ආයතන වෙත සංදේශයක් බාරදීම අද(10) සිදුවී තිබේ.
කලාකරුවන්, මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකාරීන් ආදීන්ගෙන් සැදුම්ලත් මෙම කණ්ඩායම ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන වෙත ගොස් පොදු දේපළක් වන ජනතාවගේ සංඛ්‍යාත භාවිත කරමින් ජාතිවාදය, මිථ්‍යාව වැපිරවීම නොකරන ලෙසත් රජයේ මාධ්‍ය වෙත විශේෂයෙන්ම ජනතාව වෙනුවෙන් සැකසුණු වැඩසටහන් ඉදිරිපත් කරන ලෙසත් දන්වමින් සන්දේශයක් භාරදීම සිදුවිය.
මේ අවස්ථාවට සංවිධාන 21 ක් නියෝජනය කරන සාමාජිකයින්ගේ දායකත්වය හිමිවු අතර ශ්‍රී ලංකාවේ කාන්තාවෝ, අලුත් පියාපත්, අලුත් පරපුර, මාරුතයේ හඬ, දිදුලන හදවත, සාධූ ජනරාව, නැගී සිටිමු ශ්‍රී ලංකා, චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංගමය, අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වු නීතිඥවරු, සමබිම, වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය ආදී සංවිධාන ගණනාවක් ඒ අතර වේ.