දේශපාලන අර්බුදය අධිකරණ තීන්දුවකින් වෙනත් මාවතකට හරවා ඇති පසුබිමක ජනතාවගේ අරමුණුවලට කුමක් වේදැයි ප්‍රශ්න කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය රට පුරා ජනතාව ඇමතීමේ රැස්වීම් මාලාවක් සංවිධානය කර ඇත.
“උන් රජවෙන-අපි වැනසෙන මේ ඉරණමට විසදුම කුමක්ද?“ යන තේමාවෙන් අද(15) රත්මලාන බේකරිය හන්දියේ පැවැති ජනහමුව ඇමතුවේ පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විසිනි. පාලකයන් තම බල අරමුණු වෙනුවෙන් විවිධ ක්‍රියාකාරිත්වයන් දක්වනවිට ජනතාව ඒවා දෙස බලා හිදීමෙන් ජනතා ප්‍රශ්න විසදෙන්නේ නැති බවද ඒ වෙනුවට ජනතාවගේ ගැටලු විසදාගන්නට වෙනම ජනතා බලයක් ගොඩනැගිය යුතුව ඇතැයිද පෙ.ස.ප. අධ්‍යාපන ලේකම්වරයා මෙම රැස්වීම අමතමින් පැවසීය.
එම රැස්වීම් මගින් දිවයිනේ ගම් හා නගර ගණනාවක ජනතාව ඇමතීමට පෙ.ස.ප. කටයුතු කරමින් සිටින බව එහිදී දැනගන්නට ලැබිණි.