Posted on 09.29.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) රට තුළ පවත්වා ගෙන යන නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් 1 වැනිදා ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශ වෙත උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මේ අනුව ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ආණ්ඩුවට කළ බලපෑම හේතුවෙන් අගෝස්තු 20 වැනිදා රාත්‍රි 10.00ට පනවන ලද නිරෝධායන ඇඳිරි නීතිය මාසයකුත් දින දහයක කාලයකට පසුව ඔක්තෝබර් 1 වැනිදා පෙරවරු 4.00ට ඉවත් වනු ඇත.