Posted on 09.22.2018 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
චීන හා එ.ජනපදය අතර පැවැත්වීමට නියමිතව තිබූ වෙළද හා වානිජ කටයුතු පිළිබදව සාකච්ඡා හදියේ නවතා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එ.ජනපද වානිජ කටයුතු ප්‍රධානී හා චීන උප අගමැතිවරයක හා එරට ජේෂ්ඨ ආර්ථික කටයුතු උපදේශක අතර වෙළද කටයුතු සම්බන්ධයෙන් වන සාකච්ඡාවලට අමතරව දෙවන පෙළ සාකච්ඡා වටයක් පැවැත්වීමට නියමිතව තිබුනි.
චීනය විසින් මෙසේ නවතා දමා ඇත්තේ එම දෙවන පෙළ මට්ටමේ සාකච්ඡා වටය බව අනාවරණයවේ.
පසුගිය මාස කිහිපයක සිට චීනයට එරෙහිව එ.ජනපදය වෙත ආනයනය කරන චීන භාණ්ඩ සදහා නව තීරු බදු ඉහළ අවස්ථා කිහිපයකදී ඉහළ දැමීය.