Posted on 06.17.2018 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
පසුගිය සිකුරාදා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඩොලර් බිලියන 50ක් වටිනා චීන භාණ්ඩ විශාල ප්‍රමාණයකට අළුතින් පණවන ලද සියයට විසිපහක නව තීරුබදු හේතුවෙන් චීනයද එකට එක කරමින් එ.ජනපද ඩොලර් බිලියන 50ක් වටිනා භාණ්ඩ සදහා නව තීරුබදු පනවා ඇතැයි වාර්තාවේ.
සිය රටට එරෙහිව වෙළද යුද්ධයක් ආරම්භ කරමින් සිටින බව චීන මාධ්‍ය පවසයි. මෙම එක්සත් ජනපද නව තීරුබදු පැනවීම හේතුවේ චීනයද වහාම තම රටට ආනනයන කරනු ලබන එ. ජනපදයේ ජනපද භාණ්ඩ 659ක් සදහා ඩොලර් බිලියන 50ක් වටිනා තීරුබදු පනවනු ලැබීය.
මේ වන විට දෙරට අතර වෙලද යුද්ධය ක්‍රමයෙන් නරක අතට හැරෙමින් තිබේ. මෑත කාලයේ සිට චීනයට එරෙහිව එක්සත් ජනපද මාධ්‍ය විසින් එරට බුද්ධිමය දේපළ සොරාගැනීමේ චෝදනාව දැඩි ලෙස එල්ලකරනු ලැබීය. එම චෝදනා චීනය වෙත එල්ලකරන ගමන් එක්සත් ජනපද ජනාධිපතිවරයා පසුගිය සිකුරාදා මෙම නව තීරුබදු පැණවීම සිදු කළේය. චීනය තවදුරටත් සිය භාණ්ඩ වෙත අමතර තීරුබදු පණවන්නේ නම් එයට එරෙහිව තවත් තීරුබදු පැණවීමට කටයුතු කරන බව එක්සත් ජනපදය පවසා ඇත.
කෙසේ වෙතත් මෙම දෙරට අතර වන වෙළද පරතරය මේ වන විට චීනයට වාසිදායකව පවතී. මේ හේතුවෙන් එක්සත් ජනපදය සිය රටට ආනයනයකරනු ලබන චීන භාණ්ඩ සදහා නව තීරුබදු පණවමින් එය පාලනය කිරීමේ ප්‍රයත්නයක නිරතවේ. මේ වන විට ගෝලීය ප්‍රාග්ධන ක්‍රියාවලිය තුල චීනය අත්පත් කරගෙන තිබෙන භුමිකාව එය ට්‍රම්ප් පරිපාලනයට පහසු තත්වයක් නොවනු ඇති බව පෙනේ.
නව තීරුබදු පැණවීමත් සග චීන හා එක්සත් ජනපද දෙරටේම කොටස් වෙළදපොල අගයන් පහත වැටී තිබෙන බවද වාර්තාවේ. එය දිගින්ි දිගටම පැවතියහොත් ගෝලීය ආර්ථීක ක්‍රියාවලියටද බලපානු ඇති බව මේ පිළිබද අදහස් දක්වන ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අගවයි.