தமிழ்
English
Contact
Thursday 2nd May 2019    
චීනයට ඇරැයුම් නැති US-RIMPAC යුද අභ්‍යාසයට ලංකාව එකතු වෙයි ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

චීනයට ඇරැයුම් නැති US-RIMPAC යුද අභ්‍යාසයට ලංකාව එකතු වෙයි !



 

එක්සත් ජනපදය විසින් පසුගිය කාලයේ පැවැත්වූ යුද අභ්‍යාසය අවසානයේ නාවික හමුදාව විසින් ලංකාවේ නාවික හමුදාවට ලබා දෙන වෙරළාරක්ෂක නෞකාව වසර 50ක් පමණ පැරණි යාත‍්‍රාවක් බව හෙළිව තිබේ.
ලොව විශාලතම නාවික යුධ අභ්‍යාසය වශයෙන් සළකනු ලබන
‘රිම් ඔෆ් ද පැසිෆික් 2018’:(චීනයට ඇරුයුම් නැති (RIMPAC)ය යුද අභ්‍යාසය ජූනි 27 වැනිදා සිට අගෝස්තු 2 වැනිදා දක්වා පැසිෆික් කලාපයේ පැවැත්වේ. එහිදී නිවේදනය කළ කාරණයක් ලෙස සමගාමීව ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාව විසින් ‘ෂර්මන්’ නම් විශාල යුධ නෞකාවක් ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර තිබේ.
වසර 50කින් පැරණි වුවද එය ලංකාවේ නාවික හමුදාවට මෙතෙක් හිමි ව ඇති විශාලතම යුධ නෞකාව බව දැනගන්නට ඇත. එසේම එහි ඇති අයුධ මෙතෙක් මෙරට නාවික හමුදාව විසින් භාවිත නොකළ මට්ටමේ දැවැන්ත අවි බවද පවසා තිබිණි.
දිගින් මීටර් 115ක් වන මෙම යුධ නෞකාව විශාල නාවික යුධ අවි ආයුධ ඇතුළුව නවීන තාක්ෂණික පහසුකම් රැසකින් සමන්විත වන අතර මෙම නෞකාව ක්‍රියාකරවන අකාරය පිළිබඳ ඇමරිකානු නාවික හමුදාව විසින් මේ දිනවල ශ්‍රී ලාංකික නැවියන් පුහුණු කිරීමද සිදුකෙරෙමින් පවතී.
‘රිම් ඔෆ් ද පැසිෆික්’ යුද අභ්‍යාසය 1971 සිට පවත්වාගෙන යන ඒකාබද්ධ යුද අභ්‍යාසයකි. මෙවර විශේෂත්වය වන්නේ දකුනු චීන මුහුදේ බල අර්බුදය නිසා චීනය මෙම යුද අභ්‍යාසයට සම්බන්ධ කර නොගැනීමට එක්ස් ජනපදය විසින් තීරණය කිරීමයි. ලංකාවේ රාජපක්ෂ පාලනය විසින් චීනය සමීප කරගෙන ඩොලර් බිලියනයක පමණ චීන ආයෝජන හිමිකරගන්නට පක්ෂග‍්‍රාහී ලෙස අවස්ථාව දුන් තත්වය තුළ වත්මන් ආණ්ඩුව එක්සත් ජනපදයට හා එම පාර්ශ්වයේ ඉන්දියාව සමග ගනුදෙනු ශක්තිමත් කර ගැනීමය.
එසේම චීනය විසින්ද ලංකාවේ වෙරළාරක්ෂක කටයුතු සදහා ආධාර කරන්නට යෝජනා කර තිබියදී එක්සත් ජනපදයේ වසර 50ක් පැරනි නෞකාවක් පිරිනැමීම එතරම් සුවදායක පුවතක් වන්නේ නැත.
චීනය ඉවත්කරමින් මෙම යුද අභ්‍යාසයට වියට්නාමය හා ලංකාව සම්බන්ධ කරගන්නට එක්සත් ජනපදය තීරණය කර තිබීම රාජ්‍යතාන්ත‍්‍රික වශයෙන් එක්සත් ජනපදයේ බලතුලනය කිරීමක් බව පැහැදිලි වේ.
රටවල් 25ක භටයන් 25,000ක් සම්බන්දවන මෙම මිලිටරි අභ්‍යාසය සදහා යුධ යාත‍්‍රා 46ක් සබ්මැරීන 5ක් සහ ප‍්‍රහාරක යානා 200ක් මෙම යුද අභ්‍යාසයට එක් කරගෙන තිබිණි. එසේම චීනය විසින්ද මෙම යුද අභ්‍යාස නිරීක්ෂණය සදහා චීන නිරීක්ෂණ යාත‍්‍රා සම්බන්ධ කර තිබිණි.

මෙම තත්වය යටතේ කලාපීය භූ දේශපාලනික අරමුනු වෙනුවෙන් චීන-එක්සත් ජනපද ගැටුම් තුලට ලංකාවද ඇතුලූ කිරීමක් සිදුවෙමින් පවති.