එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයිකල් පොම්පෙයො හා එ.ජනපද ඒකාබද්ධ ආරක්ෂක ප්‍රධානී ජෙනරාල් ජෝසෆ් ඩවුන්ෆෝඩ්ද මෙම පකිස්ථානයේ සංචාරයකට එක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ පාකිස්ථානයට පැමිණි එගජනපද රාජ්‍ය ලේකම්වරයා ඇතුළු කණ්ඩායම පකිස්ථාන් නව අගමැති ඉම්රාන් ඛාන් හමුව ඇති අතර එරට හමුදා නායක හා විදේශ අමාත්‍ය වරයාද හමුව ඇති බව වාර්තාවේ.
පසුගිය දින එ.ජනපදය විසින් පකිස්ථානයට ලබා දෙන ඇගඩොලර් මිලියන 300ක ආධාර මුදලක් කපා හැරීමට කටයුතු කළේය. එසේ කර ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී කණ්ඩායම් සදහා පකිස්ථානයේ ක්‍රියාත්මකවීමට ඉඩහැර ඇතිබවට චෝදනා කරමිනි.
කෙසේ වෙතත් නව අගමැතිවරයා පත්වීමෙන් පසුව දෙරට අතර සුහදතාවය වර්ධන කර ගැනීමේ අරමුණෙන් මෙම හමුව පැවැත්වෙන බවට තොරතුරු වාර්තාවේ.
දෙරට අතර පසුගිය කාලය තුල පැවැති සම්බන්ධතා යම් පමණකට දුරස්ව තිබුනි. ඊට හේතු ලෙස පකිස්ථානය තුල ඇෆ්ගන් ත්‍රස්ත කණ්ඩායම්වලට කටයුතු කිරීමට ඉඩදෙන බවට චෝදනා එල්ල කර තිබුනි.
පකිස්ථානය පසුගිය කාලය තුල චීනය සමග වඩා සමීප සම්බන්ධතා වරධනය කර ගැනීමටද කටයුතු කරනු දක්නට ලැබුනි.
එගජනපද රාජ්‍ය ලේකම්වරයාගේ මෙම කෙටි සංචාරය ඒ කරුණු පිළිබදවද අවධානය යොමුකරනු ඇත.