කථානායක ජනාධිපති හමුවේ!

කථානායක කරු ජයසූරිය අද(29) පාර්ලිමේන්තු සභාවාරය කල්තැබීමෙන් පසුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවීම සදහා ලේකම් කාර්යාලය වෙත පැමිණි බව වාර්තා විය.

අද පාර්ලිමේන්තුවේදී විජේදාස රාජපක්ෂ මන්ත්‍රිවරයා විසින් කථානායකවරයාගේ ඉල්ලා සිටිටයේ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර යම් විසදුමක් ලබාදීමට හැකිවන්නේ කථානායකවරයාට පමණක් බැවින් ජනාදිපතිවරයා සමග සාකච්ඡා කර බහුතරය ඇති පාර්ශ්වයකට ආන්ඩුවක් පිහිටුවීමේ වඅස්ථාව සකස් කරන ලෙසය.

මේ අනුව කථානායකවරයා අද දින ජනාධිපතිවරයා හමුවීම කල්තියා සැලසුම් කරන ලද්දක් විය හැකි බව දේශපාලන අංශවල කතාබහට ලක් වේ. පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් කළ වහාම කතානායකවරයාට ජනාධිපතිවරයා හමුවීමේ වඅස්ථාවක් උදා වී ඇත්තේ ඒ අනුව බව පෙනී යයි.

Chandana Sirimalwatte :