Posted on 10.17.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
රචකයෙකු සහ අධ්‍යක්ෂකවරයෙකු වන මාලක දේවප්‍රියට අද දිනයේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත පැමිණ ඔහුගේ සම්මානලාභි ගුවන් විදුලි නාට්‍යක් වන ‘කනට පාරක්’ පිළිබඳ ප්‍රකාශයක් ලබාදෙන ලෙස දන්වා තිබේ.
පසුගිය වසරේ අඟුළුගල්ලේ සිරි ජිනානන්ද නම් හිමි නමක් විසින් ගුවන් විදුලි නාට්‍ය බෞද්ධ කරුණු විකෘති කරමින් බුද්ධාගමට අපහාස කරන බවට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට පැමිණිල්ලක් සිදුකර තිබුණි. මෙම පැමිණිල්ලට අදාලව පොලීසිය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ මාලක දේවප්‍රියට විරුද්ධව නඩුවක් ගොනුකර තිබුණි. ඊට සමගාමිව මාලක දේවප්‍රිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ද ගොනුකර තිබේ.
මාලක දේවප්‍රියට එරෙහිව පවරා ඇති නඩුවද පවරා ඇත්තේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR )යටතේයි.
විවිධ වාර්ගික ජන ප්‍රජාවන් අතර වෛරය ඇතිකරන ප්‍රකාශ වැලැක්වීම සඳහා මෙම පනත ආණ්ඩුව මගින් හඳුන්වා දී ඇති බව පැවසුනද එය ප්රකාශනයේ නිදහස සිමා කිරීමට යොදාගන්නා බවට දේශපාලන ක්‍රියාධරයන්, කලාකරුවන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් චෝදනා එල්ල කරමින් සිටියි.
ජාතික ගුවන් විදුලි සම්මාන උළෙලේදී මාලක දේවප්‍රියගේ ‘කනට පාරක්’ ගුවන් විදුලි නාට්‍යට හොඳම තිර රචනයට අදාළ සම්මානය හිමිවිය.