Posted on 05.22.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ව්‍යාජ ඡායාරූප යොදාගනිමින් වනාන්තර විනාශයන් සිදුකෙරෙන බවට අසත්‍ය ප්‍රචාර සිදු කළ බවට චෝදනා කරමින් රාජ්‍ය නිලධාරියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු කොත්මලේ ප්‍රදේශයේ සහකාර ඉඩම් නිරවුල්කිරීමේ කොමසාරිස්වරයෙක් ලෙස සේවය කරන අයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ සඳහන් කර තිබේ.
මෙම පුද්ගලයා අද (22) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වේ.