Posted on 11.22.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කාබනික වගාවට එකවර යා නොහැකි නිසා කන්න තුනකදී සියයට 100 ක් කාබනික වගාවට යන්න බලාපොරොත්තු වන බවත් පළමු සහ දෙවැනි කන්නවලට වල්, කෘමි සහ දිලීර නාශකවල සහයෝගය අවශ්‍ය බවත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසා තිබේ.
වල් නාශක, කෘමි නාශක සහ දිලීර නාශක නැවත ආයනයන කිරීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාගැනීම අද (22) පෙරවරුවේ සාකච්ඡා කරන බවද ඔහු පවසා තිබේ.
ජනාධිපතිවරයා සමඟ එම සාකච්ඡාවේදී තුන්වැනි සහ හතරවැනි කාණ්ඩයේ පොහොර ආනයන කිරීමට එහිදී අවසර ඉල්ලා සිටීම නියමිත බව ද සඳහන් කර ඇත.