Posted on 11.24.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
රසායනික පොහොර ආනයනය කිරීමට අවසර ලබාදීම පිළිබඳ ගැසට් නිවේදනය අද නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.
ඒ අනුව රසායනික පොහොර, පලිබෝධනාශක හා දිලීර නාශක ආනයනයට පෞද්ගලික අංශයට අවසර දෙන බවත්, හරිත කෘෂිකර්මය සඳහා වූ රජයේ ප්‍රතිපත්තියේ වෙනසක් සිදුනොවන බවද අමාත්‍යවරයා පැවසීය.
ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.