Posted on 11.26.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
එළවලු වගා කටයුතු සඳහා ගොවීන් මෙතෙක් යොදාගත් යූරියා, MOP, TSP යන පොහොර වර්ග ආනයනයට කෘෂිකර්ම අමාත්‍යවරයා අවසර ලබාදී නොමැති අතර විශේෂිත පොහොර වර්ග පමණක් ආනයනයට අවසර ලබාදී ඇති බවත් එම පොහොර කිලෝ 25 මිටියක් රුපියල් 6000 – 8000 අතර මිලක් වනු ඇති බවත් විශේෂිත පොහොර ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් සුජීව වලිසුන්දර පවසයි.
එම ආනයනය කටයුතු සඳහා ද මාස එකහමාරක පමණ කාලයක් ගතවනු ඇති බව ඔහු සඳහන් කර ඇත.
පොහොර ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් පවසන්නේ වී වගාව සඳහා කාබනික පොහොර භාවිතා කිරීමට තීරණය කර ඇති බව ඇමතිවරයා පැවසූ බවයි.