Posted on 09.02.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ලංකාගම සිට නෙළුව දක්වා සිංහරාජ ලෝක උරුමය හරහා ඉදිකරන මාරගයේ ඉදිකිරීම්වලින් සියයට 98ක්ම මේ වන විට අවසන්ව ඇතැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.
මෙම මාර්ගය පරිසර පද්ධතියට හානි නොවන අයුරන් ඉදිකර ඇතැයි ද ඇමතිවරයා සඳහන් කර තිබේ.
එය ඉක්මනින්ම ජනතා අයිතියට පත්කිරීමට පියවර ගන්නා බව කී ඇමතිවරයා කොවිඩ් වසංගත තත්වය තිබියදී වුවත් මේ මාර්ගය ඉදිකිරීමට ශක්තිය දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්තුතිවන්ත වන බව ද පවසා තිබේ.
මෙහි ගස් කපනවා සිංහරාජය විනාශයි කියා මෙම මාර්ගයට විරුද්ධත්වය දැක්වූ පිරිස් ප්‍රකාශ කරත් මෙම මාර්ගය ඉදිකිරීමේදී කිසිඳු ගසක් කපා දැමුවේ නැතැයි ද අමාත්‍යවරයා පැවසීය.