Posted on 06.23.2021 by Chandana Sirimalwatte in කලා with 0 Comments
ප්‍රවීන නර්තන ශිල්පී, නර්තනාචාර්ය කුලසිරි බුදවත්ත දීර්ඝකාලීණ රෝගි තත්වයකින් පසු අද(23) අභාවප්‍රාප්ත විය.
මියයන විට 71 වන වියේ පසුවූ මෙම නර්තනවේදියා මෙරට නර්තන ක්ෂේත්රයේ පෝෂණය සඳහා ඉතා ඉහළ කැපවීමක් හා සේවාවක් ඉටු කළ අයකු ලෙස සම්මානයට ලක් වේ. විශේෂයෙන් මේ වන විට ලාංකීය සිංහල නර්තන ශිල්පීන් ලෙස ජනප්‍රියත්වයක් ලබා සිටින ශිල්පීන් වැඩි දෙනෙක්, කුලසිරි බුදවත්ත විසින් නර්තන අධ්‍යාපනය ලැබුවන් බව ප්රකටය.
ගල්කිස්ස කලාපුරයේ පිහිටි නිවසේ ජීවත් වූ ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.