Posted on 07.31.2021 by Sithara Sajeewani in කලා with 0 Comments
රංගන ශීල්පිනී හයසින්ත් විජේරත්න මියගොස් තිබේ.
නුවරඑළිය ප්‍රදේශයේ රූගත කිරීමකට ගොස් ආපසු එමින් සිටි රංගන ශිල්පී හයසින්ත් විජේරත්න (75) ගමන් ගත් වෑන් රථය ලිඳුල ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළීමෙන් ඇය මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
ටෙලිනාට්‍යයක් රූගත කිරීමේ කටයුතු අවසන් කොට නැවත කොළඹ බලා පැමිණීමේ දී මෙම අනතුර ව ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත.
වෑන් රථ රියැදුරාගේ නොසැලකිලිමත් රිය ධාවනය නිසා මෙම අනතුර සිදුව ඇති බවත් රියදුරු ලිඳුල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ.