Posted on 03.27.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කාසල්රී සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යපෘතිය තාවකාලිකව නතර කළ බව ලංකා විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු පැවසිය.
කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඉහළ අහසේ වලාකුළු සහ ජල වාෂ්ප නොමැති නිසා කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යපෘතිය තාවකාලිකව නතර කළ බව විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.
මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව අද වන විට පිටාර මට්ටමේ සිට අඩි 62.6 දක්වා පහල බැස ඇති අතර එහි දැනට තිබෙන ජල ධාරිතාවෙන් අඩි 6 පමණක් විදුලි උත්පාදනයට ජලය ලබා ගත හැකි බවත්, කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 48 දක්වා පහළ බැස ඇති බවත්, එහි දැනට තිබෙන ජල ධාරිතාවෙන් අඩි 10 පමණක් විදුලි උත්පාදනය සදහා ලබා ගත හැකි බව විදුලි බල මණ්ඩලය පවසයි.
පසුගිය 22 සහ 23 දිනයන්හි කාසල්රි සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශ කේන්ද්‍රකර ගනිමින් කෘතිම වැසි ඇති කිරීමේ නියමු ව්‍යාපෘතිය ආරම්භ කළ අතර තායිලන්ත ඉන්ජිනේරුවරුන් පිරිසකගේ සහයෝගය මේ සඳහා ලැබී තිබුණි.