Posted on 04.11.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
එක්සත් රාජධානිය, එක්සත් අරාබි එමිර් සහ හොංකොං යන රටවල සමාගම් තුනකින් මෙගාවොට් 100ක අතිරේක විදුලි ධාරිතාවක් මාස 6ක කාල සීමාවක් සඳහා මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ
ඒ අනුව හොංකොං හි වී පවර් හෝල්ඩින්ග්ස් සමාගම වෙතින් මෙගාවොට් 48ක්, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඇල්ටාකා ඇල්ටර්රේටිව් සොලියුෂන් ග්ලෝබල් සමාගම වෙතින් මෙගාවොට් 34ක් සහ එක්සත් රාජධානියේ ඇග‍්‍රිකෝ ඉන්ටර්නැෂනල් ප්‍රොජෙක්ට් ලිමිටඞ් වෙතින් මෙගාවොට් 18ක් වශයෙන් මාස 6ක් සඳහා විදුලිය ලබාගැනීමට නියමිතය.
අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම වෙනුවෙන් මෙගාවොට් 100ක අතිරේක විදුලි ධාරිතාවක් මිලදී ගැනීමට මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබූ අතර ඒ අනුව මෙම මිලදී ගැනීම් සිදුකෙරේ.
අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප‍්‍රදසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මේ සඳහා වන කොන්ත‍්‍රාත් පිරිනැමීමට විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
මිට පෙර රවී කරුණානායක පවසා තිබුනේ ලංකාවේ බිදුලි බල ඉල්ලුමට සාපේක්ෂව නිෂ්පාදනයේ මෙගාවොට් 400ක් 500ක පමණ හිඟයක් පවතින බවයි. කෙසේවෙතත් අද(11) දින සිට විදුලිය විසන්ධි කිරීමද නවතන බව ඔහු ප්‍රකාශ කරයි.