தமிழ்
English
Contact
Friday 3rd May 2019    
පාවෙන විදුලි බලාගාරයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පාවෙන විදුලි බලාගාරයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය



කැනඩා සූර්ය බලශක්ති ආයතනයේ සහයෝගය සහිතව මාදුරු ඔය ජලාශය ආශ්‍රිතව මෙගාවොට් 100ක ධාරිතාවයකින් යුතු පාවෙන සූර්ය බල ශක්ති බලාගාරයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මෙය 2017 වසරේ කැනඩා රජයෙන් ඉදිරිපත්වූ යෝජනාවකි.

මෙම කැබිනට් යෝජනාව මහවැලි සංවර්ධන අමාත්‍යවරයා වන මෛත්‍රීපාල සිරිසේන සහ විදුලිබල ඇමති රවී කරුණානායක විසින් හවුලේ ඉදිරිපත් කර තිබේ.

මේ අතර විදුලිබල ඇමැති රවී කරුණානායක ඊයේ(26) පවසා තබුනේ අප්‍රේල් 10 වැනිදාට පෙර විදුලිය කප්පාදු කිරීමට අදාළව ස්ථිර විසඳුමක් ලබාදෙන බවයි. විදුලි බල ඉල්ලුම සියයට 8න් පමණ වැඩිවී ඇතත් විදුලි බල සැපයුම වැඩිකිරීමේ ක්‍රියාවලියක් 2014 වසරේ සිට ක්‍රියාත්මක කෙරී නොමැති බව ඔහු මෙහිදී සඳහන් කර තිබුණි.