Posted on 03.28.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
විදුලිබල නිෂ්පාදනය යථා තත්ත්වයට පත්වන තෙක් රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
විදුලි පහන් සාමාන්‍යයෙන් නිවා දමන වේලාවට වඩා පැයකට පෙර නිවා දැමීම, ඉදිරි මාස තුනක කාලයේදී නිවෙස්වල අනවශ්‍ය විදුලි පහන් දෙකක් නිවා තබන ලෙස ජනතාව දැනුම්වත් කිරීම. රාජ්‍ය ආයතනවල, ආගමික ස්ථානවල හා වාණිජ ස්ථානවල විදුලි පරිභෝජනය සියයට 10කින් අඩුකිරීම සඳහා කටයුතු කිරීම, අනවශ්‍ය වීථි පහන් නිවා දැමීම යනාදිය මෙම වැඩපිළිවෙලට අයත්වේ.
විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක විසින් අමාත්‍ය මණ්ඩලය හමුවට මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
දැනට පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලි ඉල්ලූම සපුරාලීම ගැටලූවක් වී ඇති බැවින් මෙම පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා පවසයි.