தமிழ்
English
Contact
Friday 7th May 2021    
කොතලාවල පනතට විශ්වවිද්‍යාල ආචාර්ය සම්මේලනයේ විරෝධය! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොතලාවල පනතට විශ්වවිද්‍යාල ආචාර්ය සම්මේලනයේ විරෝධය!



ආණ්ඩුව විසින් ඉදිරිපත්කර ඇති ‘කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාල පනත් කෙටුම්පත’ වෙත ‘විශ්ව විද්යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය’ (FUTA) විසින් විරෝධය දක්වමින් ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කර ඇත.

රාජ්‍ය විශ්ව විද්‍යාල තුළ නිදහස් අධ්‍යාපනය යටතේ උසස් අධ්‍යාපනයට ඇති අවස්ථාව වෙනුවට ඊට පරිබාහිරව හා සමාන්තර මට්ටමෙන් මුදලට උපාධි ලබාගැනීමේ ක්‍රමයක් ස්ථාපිත කිරීමේ මෙම උත්සාහයට තම සම්මේලනයේ බලවත් විරෝධය පළකරන බව එම නිවේදනයේ සඳහන්ය.
පළමුවරට 2018 එවැනි පියවරකට ප්‍රතිසංස්කරණ යෝජනා ගෙන ආ විට පවා FUTA විසින් විරෝධය පළකළ බව එහි සඳහන් කරයි.
පහත පළ වන්නේ විශ්ව විද්යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් අප වෙත එවන ලද ඒ නිවේදනයයි.

යෝජිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාල පනත් කෙටුම්පත පිලිබඳ විශ්ව විද්යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ප්රකාශය

කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාල පනත් කෙටුම්පත නැවත සක්රීය කිරීම සඳහා දැරෙමින් පවතින උත්සාහය සම්බන්ධයෙන් විශ්ව විද්යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සිය බරපතල අවධානය යොමු කොට සිටී. 2018 දී මෙම පනත් කෙටුම්පත මුල් වරට ඉදිරිපත් වූ අතර එම අවස්ථාවේ ශ්රී ලංකාවේ ආචාර්ය ප්රජාව ඊට සිය දැඩි විරෝධය ප්රකාශ කලේය. බරපතල ලෙස උපකරණාත්මක වූ මිලිටරි පන්නයේ තීරණ ගැනීමේ රාමුවක් තුල ගාස්තු අය කරන සමාන්තර උසස් අධ්යාපන පද්ධතියක් වර්ධනය කිරීම මගින් මෙම පනත් කෙටුම්පත ලංකාවේ රාජ්ය උසස් අධ්යාපන පද්ධතිය මූලධාර්මික වෙනසකට භාජනය කිරීමට උත්සාහ කරයි. මෙම පනත අනුව, කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාලය රටේ අනෙක් සියලු විශ්ව විද්යාල සහ විශ්ව විද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව පාලනය වන 1978 විශ්ව විද්යාල පනත විසින් ස්ථාපනය කල නියාමන රාමුවෙන් පිටත ස්ථානගත කෙරේ. මෙම පනත් කෙටුම්පත සම්මත වුවහොත් එය රටේ උසස් අධ්යාපනයේ සීඝ්ර මිලිටරිකරණයට, වාණිජකරනයට මෙන්ම අධ්යාපනයේ ප්රමිතීන් හා ගුණාත්මකභාවය සහ අරමුණු හා අභිමතාර්ථයන්වල පරිහාණියට මග පාදනු ඇත.
1978 විශ්ව විද්යාල පනත යටතේ විශ්ව විද්යාල පිහිටුවා තිබෙන්නේ පහල සිට ඉහලට ව්යුහගත වූ අතිශය ප්රජාතන්ත්රවාදී පරිපාලනමය ක්රමවේදයක් යටතේ විශ්ව විද්යාල ස්වාධීනතාවය නම් මූලධර්මය ගරු කෙරෙන ආකාරයටය. මෙම ක්රමවේදය තුල, විශ්ව විද්යාලයේ අධ්යයන තීන්දු පලමුව දෙපාර්තමේන්තු මට්ටමේ දී ගැනෙන අතර, ඉක්බිති පීඨ මට්ටම හරහා සනාථන සභාව හා විශ්ව විද්යාල සභාව යන ව්යුහයන් ඔස්සේ අවසානයේ විශ්ව විද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව වෙත ගමන් කරයි. තවද මෙම තීරණ මෑතක දී ස්ථාපිත කල ගුණාත්මකභාවය සහතික කිරීම සම්බන්ධ වූ කවුන්සිලය වෙත ද යොමු කෙරේ. මෙම ක්රමවේදය මගින් අධ්යන පාඨමාලා, අධ්යන නිර්ණායක, පාඨමාලාවල අභිමතාර්ථයන් හා අනෙක් සියලු අධ්යයන කටයුතු හැකි තාක් පුලුල් පරාසයක පරදු පාර්ශවයන්ගේ දායකත්වය සහිතව තීන්දු වන බවට වග බලා ගැනේ. අධ්යයන තීරණ ගැනීම පටු හා උපයෝගිතාවාදී ආකාරයකට නොව සමානාත්මතාවාදී ලෙසකට සිදුවන බවට තහවුරු කරගැන්ම සඳහා මෙම ක්රමවේදය උපකාරී වේ.
මීට සපුරා පටහැනි ලෙස, කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාල පනත් කෙටුම්පත තුලින් යෝජනා කෙරෙන්නේ ඉතාම අත්තනෝමතික, ඉහල සිට පහලට ව්යුහගත වූ, අමාත්යංශ මට්ටමේ සෘජු දේශපාලන මැදිහත්වීම සහිත පරිපාලනමය ආකෘතියකි. පනත් කෙටුම්පත විසින් යෝජනා කොට තිබෙන පරිපාලන සභාවට ඉතාම පුලුල් බලතල පවතින අතර එමගින් විශ්ව විද්යාල ප්රතිපාදන කොමිෂන් සභාවට සමාන්තර ව්යුහයක් නිර්මාණය වනවා පමණක් නොව කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාලය මොඩලයේ ගාස්තු අය කරන අධ්යාපනය ලංකාවේ උසස් අධ්යාපන පර්යාය පුරාවට ව්යාප්ත කිරීමට ඊට සීමා රහිත බලයක් ද ලැබී තිබේ. තවද පනත් කෙටුම්පත විශ්ව විද්යාලයේ පාලනය අධ්යාපන හා උසස් අධ්යාපන අමාත්යංශය අත නොව ආරක්ෂක අමාත්යංශය මත රඳවයි.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාලය මුලින්ම පිහිටුවනු ලැබුවේ මිලිටරි ඇකඩමියක් ලෙසය. නමුත් දැනට සිදුවෙමින් තිබෙන්නේ එහි මිලිටරි පන්නයේ උසස් අධ්යාපන ආකෘතිය පුලුල් සිවිල් ජනතාවක් වෙත ව්යාප්ත කිරීමය. යෝජිත පනත සම්මත වුවහොත් එම ක්රියාවලිය වඩාත් ආක්රමණශීලී හා විධිමත් ආකාරයකින් සිදුවනු ඇත. සහභාගීත්ව ප්රජාතන්ත්රවාදයේ දීර්ඝ සම්ප්රදායකට උරුමකම් කියන ලංකාව වැනි සමාජයක් මත මින් ඇති කරන බලපෑම නිශේධනීය එකකි. යෝජිත පනත් කෙටුම්පත අනුව, ආරක්ෂක අමාත්යවරයාට – තවත් හමුදා නිලධාරීන්ගේ මඩුල්ලක් සමග එක්ව – අධ්යයන පාඨමාලාවල අන්තර්ගතය, ස්වභාවය සහ අනෙක් සියලු පැතිකඩ සම්බන්ධව තීරණ ගැනීමේ බලය පවතී. මෙම ක්රමවේදය තුල තීන්දු ගැන්මට අදාල අනෙකුත් පරදු පාර්ශවයන් ගණනාවක් තීරණ ගැනීමේ ක්රියාවලියෙන් පිටමං කරනු ලැබෙන අතර ගන්නා තීන්දු තීරණ අතිශය උපයෝගිතාවාදී මිලිටරි ආකෘතියක් යටතේ ගැනෙනු ඇත. ඉහලින් ලැබෙන අණ ප්රශ්න නොකොට පිලිපැදීමේ මිලිටරිමය සංස්කෘතිය ගෝලීය වශයෙන් විශ්ව විද්යාල සම්බන්ධයෙන් පිලිගනු ලබන විශ්ව විද්යාල විවේචනාත්මක චින්තනයේ අඩවියක් විය යුතු බවට වූ ප්රතිමානය සමග බරපතල ලෙස පරස්පර වේ.

2021 මැයි 05