Posted on 04.17.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මේ වනවිට උතුරේ පුද්ගලයන්ට ත්රස්තවාදී චෝදනා එල්ල කරමින් අත්අඩංගුවට ගැනීම ආරම්භ වී ඇත.
යාපනයේ පුද්ගලයන් 4ක් හා කිලිනොච්චියේ එක් අයකු මෙසේ පොලිස් ත්රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මේ වනවිට රැඳවුම් භාරයේ සිටින ඇතැම් පුද්ගලයන්ද මේ ආකාරයට යුද සමයේ ත්රස්තවාදී චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන කිසිදු චෝදනා පැමිණවීමකින් තොරව වසර 20ක් පමණ සිරගතකර ඇත.
ආණ්ඩුව දේශපාලන සිරකරුවන් නොමැති බවද ත්රස්තවාදින් සිටින බවද පවසන්නේ මේ ආකාරයට විධිමත් ලෙස චෝදනා කිරීමට නොහැකිව අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන සිරතකළ පුද්ගලයන් බව විවිධ අංශ විසින් පෙන්වා දී ඇත.