Posted on 03.02.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කොරෝනා මෘත දේහ භූමදානය සම්බන්ධ ආණ්ඩුව ලබා දුන් තීන්දුව තවදුරටත් අන්තවාදී ස්ථාවරයක පවතින බව තහවුරු කරමින් එවැනි භූමදාන කටයුතු ඉරණතිවු දුපත තුළ සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
මේ තීරණය කැබිනට් මණ්ඩලයේදී ගෙන ඇති නමුත් අවශ්‍ය වන්නා වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ බොහෝ දුරට අද දිනයේ දී නිකුත් කරනු ඇත.
ඇමති මණ්ඩලයේ තීරණය අනුව, කොරෝනා හේතුවෙන් මිය ගිය සමීපතමයන් ආදාහනය නොකර භූමදානයට ඉස්ලාම් හෝ වෙනත් ආගමික විශ්වාසයන් මත ඉල්ලීමක් කෙරේ නම්, එම සිරුරු ඉරණතිව් දූපතේ භූමදානය කිරීමට අවසර ලැබෙනුුඇතඇත. ගොඩබිම තුළින් මෙම දූපත කරා යාමට කොළඹ නගරයේ සිට කිලෝමීටර් 297ක් උතුරු දෙසට B379 මාර්ගයේ කුමුලමුනයි නම් ග්‍රාමය වෙත යාමට සිදුවන අතර, මන්නාරම් දූපතට උතුරු දෙසින් මන්නාරම් දිස්ත්‍රික්කයට අයත් කුමුලමුනයිහි සිට කිලෝමීටර් 12ක් පමණ දුරින් පෝක් සමුද්‍ර සන්දි මුහුදේ පිහිටි මෙම දූපත කෝවිඩ් මරණ භූමදානයට සුදුසු බවට තීරණය කළේ කුමන හේතු මතද යන්න අනාවරණය වී නැත. ඒ අනුව, ආණ්ඩුව විසින් හඳුන්වා දෙන මෙම භූමදාන ක්‍රියාවලිය වියදම් සහගත ක්‍රියාවලියක් මෙන්ම භූමදානයට අවසරය ඉල්ලා සිටි මානුෂික හා සංස්කෘෑතික හේතු සියල්ල නොසළකා සිදුවන ක්‍රියාදාමයක් බවට පත් වේ. මලසිරුරු ප්‍රවාහනය කිරීමේදී කොළඹ හෝ වෙනත් වරායකින් ප්‍රවාහනය කරන්නේ නම් එයද වියදම් සහිත පියවරකි.
කෙසේවෙතත්, මෘත දේහ අවශ්‍යතාව අනුව, ඉරණතිව් වෙත ගෙනයෑමේ වියදම පූර්ණ වශයෙන්ම රජය විසින් දැරීමට නියමිතය. අවසානයේ ආණ්ඩුවේ අත්තනෝමතික තීරණවල වන්දිය ගෙවිය යුතු වන්නේද ජනතාවගේ බදු මුදලින් බව පැහැදිලිය.