Posted on 09.08.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කොවිඩ් මර්දන තාක්ෂණික කමිටුවෙන් විශේෂඥයන් සහ වෛද්‍යවරුන් තිදෙනකු වී ඉවත් වී ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සහ කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.
මහාචාර්ය නීලිකා මලවිගේ, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සහ කොළඹ දකුණ මහරෝහලේ නිර්වින්දන වෛද්‍ය අශෝක ගුණරත්න යන අය මෙලෙස ඉවත්වී තිබේ.
රාජ්‍ය ඇමතිවරිය පවසා ඇත්තේ ඔවුන් එලෙස ඉවත් වුවත් සෞඛ්‍ය ක්ෂේත්රයේ වෙනුවෙන් ඔවුන් සිය දායකත්වය දිගටම ලබාදෙනු ඇති බවයි.