Posted on 08.04.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ ඊයේ (03) සිට හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කළ බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය අනෝජ් රෝඞ්රිගෝ පවසයි.
ඒ අනුව සැලසුම්කළ ශල්‍යකර්ම, වෛද්‍ය වාර්තා ලබාදීම, සායන සේවා ඇතුලූ අත්‍යවශ්‍ය නොවන සියලූ සේවාවන් කල් දැමීම මෙම ආපදා තත්ත්වය යටතේ සිදුවන බවද රෝහල් අධ්යක්ෂවරයා පවසා තිබේ.
එසේම වාට්ටුවලට රෝගීන් ඇතුළත් කිරීමේ ද වෙනසක් ඇති කර ඇති බව කී ඔහු ඉන් රෝගීන්ට කිසිදු බලපෑමක් නොමැති බව ද පෙන්වා දුන්නේය. රෝහලේ බාහිර ප්‍රතිකාර අංශය සහ රෝගීන් ඇතුළත් කිරිම සාමාන්‍ය පරිදි සිදු කෙරෙන නමුත් අත්‍යවශ්‍ය නොවන සේවා සියල්ල ම කල්දමා ඇති බව ද රෝහල් අධ්‍යක්ෂකවරයා පවසා ඇත.
රටේ සහ රෝහලේ පවතින කෝවිඞ් 19 රෝග තත්ත්වයන් සැලකිල්ලට ගෙන කෝවිඞ් මර්දන කටයුතු සදහා රෝහල් කාර්ය මණ්ඩල අවශ්‍යතාව මතුවීම නිසා මෙවැනි පියවරක් ගත් බව ද රෝහල් අධ්යක්ෂ වෛද්‍ය අනෝජ් රොඞ්රිගෝ පවසා තිබේ.
රත්නපුර ශීක්ෂණ මහ රෝහලේ කෝවිඞ් 19 වැළඳුණ බරපතල රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබයි. ඒ වෙනුවෙන් දැඩි සත්කාර ඒකකයක් ද ස්ථාපිත කර ඇත.