Posted on 01.12.2022 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපතිධූරය සඳහා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී කරුණාරත්න පත්කර තිබේ.
එහි වත්මන් උපකුලපතිනි මහාචාර්ය චන්ද්‍රිකා විජයරත්නගේ ධූර කාලය ලබන අප්‍රේල් මස අවසන්වීමට නියමිත බැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම පත්වීම සිදුකර ඇතැයි පැවසේ.
මහාචාර්ය චන්ද්‍රිකා විජයරත්නගේ ධූර කාලය අවසන්වීමෙන් පසු මහාචාර්ය කරුණාරත්න එම ධූරයට පත්වන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග පවසා ඇත.
මහාචාර්ය එච්.ඩී කරුණාරත්න කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකි.
කෙසේ වෙතත් පසුගියදා පැවති උපාධි ප්රදානෝත්සවයේදී කොළඹ විශ්ව විද්‍යාලයේ වත්මන් කුලපතිනිය මහාචාර්ය චන්ද්‍රිකා විජයරත්න පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට සිසුන් විරෝධය දැක්වීමේ සිදුවීමේදී එම සිසුන්ට සහය දැක්වූ බවට ආණ්ඩු පක්ෂයේ ඇතැම් පුද්ගලයින්ගෙන් චෝදනා එල්ල විය.