Posted on 04.21.2019 by Chandana Sirimalwatte in ප්‍රධාන පුවත with 0 Comments
කොළඹ, මීගමුව අවට ස්ථාන කිහිපයකදි සහ මඩකලපුවේ සිදු වු පිපිරීම් හේතුවෙන් මේ වන විට තුවාලකරුවක් රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
කොටහේන, කොච්චිකඩේ දේවස්ථානයේ සිදු පිපිරීමෙන් මේ වනවිට රෝගීන් 160 ක් පමණ රෝහල්ගත කර ඇති බවද පුද්ගලයන් 30 පමණ මිය ගොස් ඇති බවට නිල නොවන වාර්තා සදහන් කරයි. මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ සිදු වු පිපිරීමෙන් 35දෙනෙකු පමණ තුවාල වී ඇති බවද මඩකලපුව සිදු වු පිපිරීමෙන් 300ක් පමන රෝහල්ගත කර ඇති බවද වාර්තා වේ.
කොළඹ ගාලු මුවදොර ෂැංග්‍රිලා හෝටලයේ, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සහ කිංග්ස්බරි හෝටලයේ පිපිරීම් සිදුව ඇති අතර කොටහේන අන්තෝනි දෙව්මැදුරේ, මීගමුව කොච්චිකඩේ, සහ කටාන, කටුවාපිටිය, ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පිපිරීම් සිදුව ඇත. එසේම මඩකලපුවේ දේවස්ථානයක පිපිරීම් වාර්තා වී ඇත.
මේ වනවිට සමස්ත මරන සංඛ්‍යාව 140කට ආසන්න බවට රෝහල් මගින් ලැබෙන
නිල නොවන වාර්තා හෙළිදරව් කරයි.



