(VIDEO)ඛනිජ තෙල් ගනුදෙනු ෆයිල් ගෙනයන්න ගිය අර්ජුන, සේවකයන් විසින් රදවාගෙන!

අද(28) සවස දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථාවට හදිසියේ ඇතුළු වූ අර්ජුන රණතුංග එහි වූ ලේඛන ලිපිගොනු රැගෙන යාමට උත්සාහ කරන ලද බව දැනගන්නට ඇත.
මේ තත්වය නිසා සේවකයන් ඔහු වටකරගෙන විරෝධය පළකර ඇති අතර එහිදී ආරක්ෂකයකු විසින් සේවකයන්ට වෙඩි කැබීමෙන් සිදුවීම ප්‍රචණ්ඩකාරී මට්ටමකට පැමිණ තිබේ. මේවනවිටද එම සිදුවීම සම්බන්ධයෙන් චෝදනා කරමින් අර්ජුන රණගුංග සංස්ථා පරිශ්‍රයේ රදවාගෙන සිටින බවට තොරතුරු දැනගන්නට ඇත. කෙසේවෙතත් මේ සම්බන්ධව ආරක්ෂක අංශ මැදිහත්වී සිටින බවද නැවතවරක් ගැටුමක් ඇතිවීමෙන් තොරව සිදුවීම සමථයකට පත්කිරීමට දෙමටගොඩ පොලිසිය උත්සාහ දරන බවද දැනගන්නට ඇත.
පොලීසිය, කැරලි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සංස්ථා භූමිය අවට මුරකාවල් යොදා තිබේ. දෙමටගොඩ ගුවන් පාලම අසලින් මාර්ගය වසා දමා ඇති අතර රැස්ව සිටින පිරිස් අතර දැඩි උණුසුම් තත්ත්වයක් මේ වන විට ඇති වී ඇත. එසේම, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ ඇතුළු රාජපක්ෂ හිතවාදී මන්ත්‍රී කණ්ඩායමක් මේවනවිට එම ස්ථානයට පැමිණ සිටිති.
මේ අතර දෙමටගොඩ ඛනිජතෙල් නීතීගත සංස්ථාවේ සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග අත්අඩංගුවට ගෙන නීතීය ක්‍රියාත්ම නොකළහොත් හෙට (29) සිට වෘත්තීය ක්‍රියා මාර්ගයක  නියැලෙමින් තෙල් බෙදා හැරීම නවතා දමන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර  ජනමාධ්‍ය වෙත පැවසීය.

ඛනිජ තෙල් සංස්ථාවේ සිදුවීමට අදාළ දර්ශන-

Chandana Sirimalwatte :