උතුරු පළාතේ මුලතිව්, කිලිනොච්චිය, මන්නාරම, වව්නියාව සහ යාපනය යන දිස්ත‍්‍රික්කවලට බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් පවුල් 13,646කට අයත් 44,959 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සංඛ්‍යා හෙළිකරයි.
මෙම ගංවතුර හේතුවෙන් පීඩාවට පත්ව ඇති පවුල් 2,661කට අයත් 8,539 දෙනෙක් ආරක්‍ෂිත ස්ථාන 52ක රදවනු ලැබ සිටින බව එම මධ්‍යස්ථානයේ ප‍්‍රකාශකයෙක් පැවසීය. මෙවර ආපදා තත්වයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත‍්‍රික්කයන්ට වන අතර අවතැන්වූවන්ට සහන සැලසීමේ කටයුතු මේ වන විටත් සිදුකෙරෙන බව ආණ්ඩුකාර කාර්යාලයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.