ගුවන් තොටුපොළ අසල තිබූ බෝම්බයක් නිෂ්ක්‍රීය කරයි

කටුනායක ගුවන් තොටුපළ ඉදිරිපිට තබා ගිය බෝම්බයක් ඊයේ (21) දින රාත්‍රී ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් නිශ්ක්‍රිය කළ බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න පැවසීය .

ශ්‍රී ලංකා ගුවන් හමුදා ජංගම මුර සංචාරක භට පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපළට පිවිසෙන පිටත්වීමේ පර්යන්තය ආසන්නයේ තිබී අඩි 06 ක් පමණ දිග පී.වී.සී.බටයක් තුළ අටවා සකස් කර තිබූ බෝම්බයක් අනාවරණය කරගත් බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය .

පසුව ගුවන් තොටුපළ ඉදිරිපිට මාර්ගය වසා දමා මෙම බෝම්බය රාත්‍රී 11.10 ශ්‍රී ලංකා ගුවන් හමුදා බෝම්බ නිශ්ක්‍රිය අංශයේ භට පිරිසක් විසින් නිශ්ක්‍රිය කරනු ලැබීණ.

මෙම අවස්ථාව වනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය ඉන්දීය සංචාරය නිමවා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට ආසන්නව තිබූ බවද වාර්තා වේ.

Sithara Sajeewani :