Posted on 11.19.2021 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
වසරක් තිස්සේ ඉන්දියානු ගොවි ජනයා විසින් අසාධාරණ කෘෂි නීති තුනක් ඉවත් කර ගන්නා ලෙස බලකරමින් ගෙන ගිය අරගලය ජයග්රහණයෙන් අවසන්ව ඇත.
පසුගිය නොවැම්බරයේ සිට දිල්ලිය වටකර අධික දාහය, වර්ෂාව හා ශිත කාලගුණ තත්වයන් මැද විරෝධතාව දිගටම ගෙන ගිය ගොවි ජනතාව මේ වනවිට එම නීති අහෝසිකරන බවට අගමැති මෝඩි විසින් ගත් තීරණය හේතුවෙන් ජය සමරමින් සිටින බව වාර්තා වේ. තීරණාත්මක මැතිවරණයක් අභියස ඉන්දියානු අගමැතිවරයා ගොවි විරෝධතාකරුවන් වෙත ප්රකාශ කරන්නේ විරෝධයට හේතු වූ නීති අවලංගු කරනු ඇති නිසා ගම් බිම් බලාගොස් තම පවුල් වලට නැවත එක්වන ලෙසය.
සටන්කාමී විරෝධතා මාලාවක් ලෙස ගොවි ස්ත්රීන්ගේ සහභාගිතවය ලද මෙම අරගලය ඉන්දිය කලාපීය කෘෂී ක්ෂේත්රයේ නව ලිබරල් ප්රතිසංස්කරණ රැල්ලක එක් අවස්ථාවක් පමණකි. මෙසේ මැතිවරණ සමයේ දෙන පොරොන්දුවක් කොතරම් කාලයකට වලංගු වේද යන්නත් ගැටලුවකි.