Posted on 06.11.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පොලිස් අත්අඩංගුවේදී මිය ගිය චන්ද්‍රන් විධූෂන්ගේ මරණ පරීක්ෂණ වාර්තාව අභියෝගයට ලක් කරන ඔහුගේ මව්පියන් නැවතත් මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙස අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
ජුනි 3 වන බ්‍රහස්පතින්දා අළුයම පොලීසිය අත්අඩංගුවේදී මියගිය විසි එක් හැවිරිදි චන්ද්‍රන් විදූෂන් ගේ මව්පියන් ඊයේ (ජුනි 10) දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරියගෙන් එම ඉල්ලීම සිදු කර ඇත.
දෙමව්පියන්ගේ ඉල්ලීම් වී ඇත්තේ සිය පුතුගේ සිරුර ගොඩගෙන විශ්වසනීය මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි බවයි.
චන්ද්‍රන් විධූෂන්ට පොලීසිය අමානුෂික ආකාරයෙන් පහර දෙන ආකාරය තමන් දුටු බව ඔහුගේ ඥාතීන් සහ ගම්වැසියන් පවසා තිබුණි.
ජුනි 2 බදාදා රාත්‍රියේ මඩකලපුවේ ඉරුදයපුරම්හිදී මඩකලපුව පොලීසියේ බුද්ධි අංශ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් චන්ද්‍රන් විධූෂන් පොලිසියට ගෙන ගොස් ඇත්තේ පසුදා අළුයම 1.30 ට බව දෙමාපියෝ වැඩි දුරටත් සඳහන් කර තිබේ.
එසේම චන්ද්‍රන් විධූෂන්ගේ අවසන් කටයුතු සිදු කෙරෙන දිනයේ විරෝධතා පැවැත්වීම තහනම් කරමින් මඩකලපුව පොලීසිය විසින් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අධිකරණ නියෝගයක්ද ලබා ගෙන තිබුණි.