Posted on 04.23.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අප්‍රේල් 21 වැනිදා පාර්ලිමේන්තු සභා ගැබ තුළ හා ඉන් පිටත සිදු වූ අප්‍රසන්න සිදුවීම් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇත.
කතානායක මහින්ද යාපා අබේවර්ධන අද ( 23 ) පාර්ලිමේන්තුවේ දී පැවැසුවේ චමල් රාජපක්ෂ ,කෙහෙළිය රඹුක්වැල්ල සුසිල් ප්‍රේමජයන්ත,අනුර ප්‍රියදර්ශන යාපා,ඉමිටියාස් බාකීර් මාකර්,ආචාර්ය රංජිත් බණ්ඩාර සහ එම්.ඒ සුමන්තිරන් එම කමිටුවේ සාමාජිකයන් බවය.
පාර්ලිමේන්තුව තුළ ප්රචණ්ඩ ක්‍රියා දරුණු ලෙස ක්‍රියාවට නැගුණු 2018 දින 50 පාලනය තුළ වුවද ඒ සම්බන්ධ කිසිදු නීතිමය ක්‍රියාදාමයක් සම්පුර්ණකර වරදකරුවන්ට දඬුවම් පම්ණුවා නැත. මේ තත්වය තුළ දේශපාලන පක්ෂ කිහිපයක මැරකම් කරන පුද්ගලයන් පාර්ලිමේන්තුවේ ප්‍රසිද්ධියේම සිදුකළ මැරකම් ජනතාව අනාවරණය විය. එහෙත් ජනතාවගේ ඇස් ඉදිරිපිට සිදුව ඇති ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධව නීතිමය වශයෙන් දඬුවමක් නැත.
එවැනි පසුබිමක් තුළ වත්මන් පාර්ලිමේන්තුවේද සිටින එකී පුද්ගලයන්ද ඇතුළුව අප්‍රසන්න කටයුතුවලට අදාළ කමිටු පිහිටුවා පලක් නැති බව නිරීක්ෂකයන්ගේ අදහසයි. පොදුවේ වත්මන් පාර්ලිමේන්තුව තුළ කථානායකවරයාගේ භූමිකාවේ පටන් අනාවරණයවන තත්වයන් නිසා පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය සම්බන්ධ සීමිත වශයෙන් හෝ පැවති විශ්වාසය අහිමිව වෙමින් තිබේ.