Posted on 12.17.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
චීනයෙන් ආනයනය කළ මිනිස් පරිභෝජනයට නුසුදුසු ටින් මාළු අඩංගු කන්ටේනර් 48 ක් යළි චීනය වෙත යැවීම අද ආරම්භකර තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ සුනිල් ජයරත්න සඳහන් කළේ, එම කන්ටේනර්වල ටින් මාළු මෙට්‍රික් ටොන් 768 ගබඩා කර ඇති බවයි.
එහි වටිනාකම රුපියල් මිලියන 384 කට අධික බව ද ඔහු පැවසී ය.
මෙම ටින් මාළුවල මිනිස් සිරුරට අහිතකර ආසනික් අඩංගු බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කළ පරීක්ෂණවලදී තහවුරු වූ බව අතිරේක රේගු අධ්‍යක්ෂකවරයා සඳහන් කර ඇත.