Posted on 03.05.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ආගමන විගමන නීති කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටි චීන ජාතිකයන් 14 දෙනෙකු මිරිහාන රැඳවුම් කඳවුරේ රඳවා තබන ලෙස ගාල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.
මෙම චීන ජාතිකයන් සංචාරක වීසා මත මෙරටට පැමිණ ගාල්ල ප්‍රදේශයේ ඉදිකිරීම් වැඩබිමක රැකියා කරමින් සිට ඇත.
පොලීසියට ලද තොරතුරක් මත මෙම විදේශිකයින් 14 දෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 22-56ත් අතර පසුවන්නන් බව පොලීසිය පවසයි.
ද්වී පාර්ශවික ගිවිසුම් හරහා විවිධ රටවල් ශ්‍රමිකයන් හුවමාරු කර ගැනීම දක්නට ලැබෙන තත්ත්වයකි. ලංකාව සහ චීනය අතර එවැනි ශ්‍රමිකයන් හුවමාරු කරගැනීමට අදාළ ගිවිසුමක් නොමැති වුවත් චීන ව්‍යාපෘති සඳහා සේවයේ යෙදෙන්නේ චීන ජාතික කම්කරුවන් වේ. මේ ආකාරයට ඔවුන් සේවයේ යෙදවීම හරහා ලංකාවේ රැකියා වියුක්තිය ඉහළ යාම, ලාංකීය කම්කරුවන්ගේ වැටුප් මට්ටම පහළ යාම වැනි ගැටලු රැසක් ඇතිව්මේ අවදානම පවතියි.