Posted on 02.01.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
2019 වසරේ ශ්‍රී ලංකාව සහ චීනය අතර නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ප්‍රකාශයක් උපුටා දක්වන චීන මාධ්‍ය වාර්තා කර තිබේ.
චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පවසා ඇති පරිදි ගිවිසුම සකස්කිරීමට අදාළ හයවන සාකච්ඡා 2017 වසරේ මාර්තු මාසයේ පැවැත්වී තිබේ.
චීනයේ ශ්‍රී ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්කු මේ ගිවිසුම පිළිබඳ අදහස් දක්වමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකාව චීනයේ වෙළඳ පොළ දක්වා භාන්ඩ අපනයනයන පුළුල් කිරීමට ඉතා උනන්දුවෙන් පසුවන බවයි.
එසේම ශ්‍රී ලංකාව චීනයේ Belt and Road Initiative (BRI) නම් යුරෝපය, ආසියාව, අප්‍රිකාව වැනි රටවල යටිතල පහසුකම්, වෙළඳාම සහ ආයෝජන දියුණු කිරීමේ සැලසුම ඉතා අගනා අවස්ථාවක් ලෙස සළකන අතර වරාය නගරය සහ හම්බන්තොට වරාය වැනි හවුල් ව්‍යාපෘති ආරම්භ කිරීම වැදගත් වෙනු ඇති බව තානාපතිවරයා පෙන්වා දී ඇත.