Posted on 02.16.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
උතුරේ දූපත් කිහිපයක ක්‍රියාත්මක විදුලි ව්‍යාපෘතිවලට සම්බන්ධ චීන සමාගමක් පිළිබඳව ඉන්දියාව විසින් මතු කරන ලද විරෝධයට ප්‍රතිචාර දක්වමින් චීන තානාපති කාර්යාලය පවසා ඇත්තේ තනිකරම විවෘත ටෙන්ඩර් පටිපාටියක් හරහා සිදු කරන ලද වාණිජ කටයුත්තක් බවයි.
උතුරේ දූපත් තුනක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති තුනක් ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකාව ආණ්ඩුව චීන සමාගමකට ප්රදානය කර තිබේ. මේ හරහා ඉන්දියාවට ආරක්ෂක තර්ජනයක් එල්ල වී ඇති බව පවසමින් ඉන්දියාව මේ සම්බන්ධයෙන් විරෝධය පළ කළ බවට මීට පෙර මාධ්‍ය වාර්තා පළ විය.
චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ ඊයේ අදාළ චීන සමාගම පෞද්ගලික සමාගමක් බවයි.
ඔහු පවසා ඇත්තේ එය ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් අරමුදල් සපයන ලද විවෘත ටෙන්ඩරයක් බවයි. ශ්‍රී ලංකාව යනු ස්වෛරී රාජ්‍යයක් වන අතර එහි අවශ්‍යතාව සඳහා වඩාත් සුදුසු කොන්ත්‍රාත්කරු තෝරා ගැනීමේ අයිතිය ඇති බවද චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයා පවසා තිබේ.