පළාත් සභා මැතිවරණය පැරණි සමානුපාතික ක්‍රමටය පැවැත්වීම සඳහා රජය නව කෙටුම්පතක් පාර්ලිමේන්තු සම්මත කර ගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරය දැරූ දිනවලදී එවකට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යධූරය දැරූ ෆයිසර් මුස්තාෆා මහතා විසින් එම කෙටි පනත සකස්කර ඇති අතර දින 50 ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ඊට අනුමැතියද ලබා දී ඇත. මේ සඳහා සියලු පක්ෂ එකඟතාවය දක්වා ඇති බවද වාර්තා වේ.
මේ වනවිට එම පනත් කෙටුම්පත නීති සම්පාදකවරයා වෙත යවා තිබෙන බවද වාර්තා වේ.