Posted on 09.03.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පහන්තුඩාව දිය ඇල්ල අසල ලිංගික ක්‍රියාකාරකම් සහිත වීඩියෝවක රඟපෑම් කළ කාන්තාව සහ පිරිමි පුද්ගලයා ඊයේ (2) සවස පොලිස් පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් විසින් මෙවැනි ලිංගික දර්ශන සහිත චිත්‍රපට මෙලෙස නිර්මාණය කළේ කුමකටද, මෙයට පෙර මෙවැනි අසභ්‍ය දර්ශන සහිත වීඩියෝ පට නිපදවා ඇතිද, ඒවා අන්තර්ජාලයට මුදා හැර මුදල් උපයන්නේද යන්න පිළිබඳ රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පවසා තිබේ.
අසභ්‍ය ප්‍රකාශන පනත ප්‍රකාරව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ද පොලීසිය පවසා ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ දම්සක් පදනම නම් සංවිධානයක සභාපති පස්සරමුල්ලේ දයාවංශ හිමි විසිනි.