Posted on 09.13.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කොතලාවල පනතට එරෙහිව අගෝස්තු 3 දින පැවති සාමකාමී විරෝධතාවයට සහභාගී වීමේ වරදට සිරගත කළ කෝෂිලා හංසමාලි Covid19 ආසාදනය වී තිබීම නිසා අඹේපුස්ස ප්‍රතිකාර මධ්‍යස්ථානයට රැගෙන ගොස් ඇත.
නිදහස් අධ්‍යාපනය උදෙසා සිසජන ව්‍යාපාරය විසින් සංවිධානය කළ විරෝධතාවක් අවසානයේ පොලිසිය විසින් ව්‍යාජ චෝදනා නගමින් අත්අඩංගුවට ගෙන සිරගත කළ සිසුජන ව්‍යාපාරයේ ක්‍රියාකාරිනියක වන කෝෂිලා හංසමාලි පෙරේරා මෙසේ රෝගාතුරව ප්‍රතිකාර සඳහා යොමුකර ඇත. මින් පෙර වාර්තා වූ ආකාරරයට, මෙම විරෝධතාව නිසා අත්අඩංගුවට ගෙන සිරගත කළ තවත් තිදෙනකුට කෝවිඩ් ආසාදනය වූ බව අනාවරණය විය. සිරගත කළ විරෝධතාකරුවන් 5 දෙනකු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයේදී කෝවිඩ් ආසාදිත නොවන බව තහවුරු වීම නිසා ඔවුන් රිමාන්ඩ් භාරයේ රඳවනු ලැබිණි. නමුත් අගෝස්තු 26 දින වාර්තා වූයේ චමීර කොස්වත්ත, වසන්ත මුදලිගේ සහ අමිල සන්දීප කෝවිඩ් ආසාදියන් ලෙස හඳුනාගත් බවය. ඒ අනුව, ඔවුන් රැඳවුම් භාරයේ තැබීමෙන් වසංගතයට ගොදුරු වී ඇති බව පැහැදිලි විය.
අගෝස්තු 03 වනදා බත්තරමුල්ල, පාර්ලිමේන්තු මංසන්ධිය අසළ පැවති සිසුජන ව්‍යාපාරයේ විරෝධතාවට සහභාගි වී නිවස බලා යමින් සිටි සිසුජන ව්‍යාපාරයේ කෝෂිලා හංසමාලි එදිනම අත්අඩංගුවට ගෙන තිබිණි. ඉන්පසුව, පෙ.ස.ප. පාලක ලේකම් චමීර කොස්වත්ත එදින රාත්‍රීයේ අත්අඩංගුවට ගනු ලැබීය. ශ්‍රි ජයවඑර්ධනපුර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප අගෝස්තු 05 වැනිදා විශ්වවිද්‍යාල ආචාර්යවරු සංවිධානය කළ විරෝධතාවකට සහභාගි වීමට යමින් සිටියදී නාඳුනන කණ්ඩායමක් විසින් පැහැර ගැනීමට ලක් විය. එදිනම රාත්‍රියේ රූපවාහිනී සංවාදයකට සහභාගි වීමෙන් පසු නිවසා කරා යමින් සිටියදී 06 වනදා පාන්දර අ.වි.ශි.බ.ම. කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගනු ලැබීය. අගෝස්තු 13 වැනිදා රජරට විශ්වවිද්‍යාලයේ හේෂාන් හර්ෂන ශිෂ්‍යයා අත්අඩංගුවට ගනු ලැබිණි.
