ප්‍රවීන කලාකරු ජයලත් මනෝරත්න හදිසි රෝග තත්වයක් නිසා ඊයේ(13) සවස පෞද්ගලික රෝහලකට ඇතුළත්කළ බව වාර්තා විය.
ඔහුගේ සමීප ඥාතින් පවසන ආකාරයට මොළයේ ආසාදනයක් නිසා ඔහු අද දාන ශල්‍යකර්මයකට භාජනයවීමට නියමිතය.
දේශපාලන පක්ෂග්‍රාහිත්වය නිසා කැලලක් ඇති නොකරගෙන හැකිතාක් දුරට අදීනත්වය ආරක්ෂා කරගත් මනෝරත්න කලාකරුවා සමකාලීන සමාජ අර්බුදය සම්බන්ධයෙන් සංවේදීව නිර්මාණකරණයක යෙදෙමින් රසික ජනතාව ඥානනය කිරීමට වෑයම් කළ කලාකරුවෙකි. ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.