ගුවන් යානාවලට පොළොවේ සිට ප්‍රහාර එල්ල කළහැකි බර අවි සඳහා යොදනු ලබන සී.බී.සී වර්ගයට අයත් විදේශීය රටක නිෂ්පාදනය කරන ලද ජීව උණ්ඩ හැත්තෑ තුනක් ඇතුළු ජීව උණ්ඩ 346 ක්, යකඩ බැරල් දෙකක් ඇතුලු භාණ්ඩ තොගයක් රිදීමාලියද්ද කුරුවිතැන්න තඹගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම උණ්ඩ තොගය සමඟ අත්අඩංගුවට පත්ව ඇත්තේ හමුදා සේවයෙන් නිවාඩු ලබා පැමිණී 35 හැවිරිදි යුද හමුදා සෙබලෙකි.
අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර ගුවන් යානාවලට පොළොවේ සිට ප්‍රහාර එල්ල කළහැකි බර අවි සඳහා යොදනු ලබන විදේශීය රටක නිෂ්පාදනය කරන ලද සී බී සී වර්ගයට අයත් මිලිමීටර් 50-95 වර්ගයේ ජීව උන්ඩ 24 ක්, සී බී සී වර්ගයට අයත් මිලිමීටර් 50-81 වර්ගයේ ජීව උන්ඩ 49 ක් , එෆ් එන් එම් වර්ගයේ මිලිමීටර් 5.81 ජීව උන්ඩ 273 ක්, විදේශීය රටක හෝ මෙරට නිෂ්පාදිත 5.81 උණ්ඩ යොදන යකඩ බැරල් එකක් ,බෝර 12 යකඩ බැරල් එකක් සහ ඒවා අසුරා තිබූ මලු කීපයක් තිබූ බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් හමුදා සෙබලාට අයත් කාමර දෙකකින් යුත් නිවසේ එක් කාමරයක් තුළ මෙම උණ්ඩ තොගය ගබඩා කර තිබී ඇත.
යුධ ක්‍රියාකාරකම් සඳහා මැදිහත්වූ සෙබළුන් පශ්චාත් යුධ තත්ත්වයකදී ද එම යුධ මානසිකත්වයෙන් පසුවීම දක්නට ලැබෙන සාමාන්‍ය තත්ත්වයකි. ඉන් මුදවා ගැනීම සඳහා ඔවුන් නිසි පුනුරුත්ථාපනයකට යොමු කළ යුතු වේ. නමුත් ලංකාව තුළ හමුදාව වෙනුවෙන් වන පුනුරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක නොවේ. එසේම යුධ අපරාධ සඳහා මැදිහත්වූ හමුදා සාමාජිකයන් හට දඬුවම් ලබා නොදීමද හමුදා සාමාජිකයන් තුළ යුධ මානසිකත්වය පැළපදියම් වීමට බලපා ඇති තවත් හේතුවකි. එවැනි තත්ත්වයක් තුළ ඔවුන් ආයුධ භාවිත කරමින් විවිධ සමාජ විරෝධී ක්‍රියා දීම බහුලව දක්නට ලැබේ.