විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් නිදහස් කරන ලෙස බලකරමින් විරෝධතාවක් අප්‍රේල් මස 16 වැනිදා සවස 4.00ට කොළඹ කොටුව දුම්රියපොළ අසලදී පැවැත්වේ.
‘සමාජවාදී සමානතා පක්ෂය’ විසින් ‘ජූලියන් අසාන්ජ් නිදහස් කරනු!’ යන තේමාවෙන් ලොව පුරා පවත්වන විරෝධතා මාලාවට සමාන්තරව මෙම විරෝධතාව කැදවා ඇත. ප්‍රකාශනයේ නිදහස හා තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධ උනන්දුවක් දක්වන සැම විසින්ද ලෝක අධිරාජ්‍යවාදී බලය විසින් සිය මර්දනකාරි යුද බලය ව්‍යාප්ත කරමින් සිදුකරන මානව විරෝධී සංහාර පිළිකුල් කරන සියලු දෙනා මෙම විරෝධතාවයට ඒක් විය යුතු බව ‘ලංකාවීව්ස්’ ඇරයුම්කර සිටී.