தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
ණය ගැනීමේදී නැමීබියාව වැටුණු වලේ ලංකාව නොවැටිය යුතුයි - නැමීබියානු විපක්ෂ නායක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ණය ගැනීමේදී නැමීබියාව වැටුණු වලේ ලංකාව නොවැටිය යුතුයි – නැමීබියානු විපක්ෂ නායක



නැමීබියාව විදේශ ණය ගැනීමෙන් බරපතළ ණය උගුලක වැටුනු ආකාරයට ලංකාව විදේශ ණය සම්බන්ධව කටයුතු නොකළ යුතු බව නැමීබියානු විපක්ෂ නායක මැක්හෙන්රි වෙනානි එරට පුවත්පතකට ප්‍රකාශයක් කරමින් පවසා තිබේ.

පසුගිය කාලයේ ලංකාව විසින් සිය වරායක් චීන ණය වෙනුවෙන් කැප කළාක් මෙන් ඉදිරියට කටයුතු කළ හොත් විශාල විනාශයක් වන්නට නියමිත බවද නැමීබියාව එහි හොදම නිදසුන බවද එරට විපක්ෂනායකවරයා ‘නැමීබියන්‘ පුවත්පතට පවසා ඇත. අප්‍රිකානු රටවලදී චීනය විසින් ගෙන යන ණය ව්‍යාපෘතිවලදී ස්වදේශික සම්පත් ග්‍රහණයට ගැනීම සිදුවන බවත් දේශීය ව්‍යාපාරික හෝ තාක්ෂණ කර්මාන්ත සංවර්ධන ක්‍රියාදාමයේ දායකත්වයට නොගෙන චීන සමාගම්වලටම ව්‍යාපෘති පැවරීම නිසා දිගුකාලීනව දැවැන්ත ණය උගුලකට මෙන්ම ආර්ථික වශයෙන් පහසුවෙන් නිවැරදි කළ නොහැකි අර්බුදයකට පත්වන බව මක්හෙන්රි පවසා තිබේ.

නැමීබියාවේ පාලක පක්ෂයට ප්‍රතිවිරුද්ධව ‘ජනතා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය‘ට නායකත්වය දෙන විපක්ෂ නායකයා චීන මැදිහත්වීමට විරුද්ධ එහෙත් එක්සත් ජනපදයට පක්ෂපාත අයකු බව ප්‍රසිද්ධය. චීන ණය උගුල පිළිබද කරන ප්‍රකාශවලදී විකල්ප ලෙස ජාත්‍යන්තර මුල්‍ය සංවිධානවල අනුග්‍රහය ගත යුතු බවට ඔහු පවසා ඇත. එහෙත් අප්‍රිකානු රටවල මෙන්ම ලංකාවේදීද එවැනි විකල්ප වුවද චීන ණය උඝුලටම සමාන බව සනාථ වී ඇත.