Posted on 03.18.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මධ්‍යම අධිවේගි මාර්ගයේ පළමුවැනි අදියරට අදාළව අනුමත කිරීම ප්‍රමාද කළ චීන ණය මුදල නිකුත් කිරීමට චීන එක්සිම් බැංකුව එකග වී ඇති බව ආණ්ඩුව පවසයි.
2015 ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය සදහා චීනය ලබා දෙන ණය මුදල ඩොලර් බිලියන 1ක් (රු.බි.178) වන අතර දේශපාලන අර්බුද හා විවිධ හේතු මත මෙම ණය මුදල ප්‍රමාද කර තිබිණි. දිගින් දිගටම කළ සාකච්ඡාවල ප්‍රතිපලයක් ලෙස පසුගිය ජනවාරියේදී මෙම ණයමුදල නිදහස් කිරීමේ එකගතාවක් ඇතිකරගත් බව වාර්තා වේ.
දිගින් කිලෝමීටර් 37.09ක් වන කඩවත සිට මීරිගම දක්වා දිවෙන්නා වූ මධ්‍යම අධිවේගි මාර්ගයේ පළමුවැනි අදියර ප්‍රමාදවීම හේතුවෙන් සහ ඉන්පසුව වරින්වර විනිමය වටිනාකම් වෙනස්වීම නිසා වියදම්වල වෙනස්කම් හේතුවෙන් අමතරව රුපියල් බිලියන 12ක මුදලක් අවශ්‍යව තිබෙන බවද දැනගන්නට ඇත. මෙම ප්‍රමාදය හේතුවෙන් 2020 ජූනි මස විවෘත කරන්නට සැලසුම් කළ මධයම අධිවේගි මාර්ග ව්‍යාපෘතිය අවසන් කිරීමට තවත් වසර කිහිපයක් ප්‍රමාද වනු ඇත.
රාජපක්ෂ පාලන සමයේ සිට මේ දක්වා විවිධ යටිතල පහසුකම් ව්‍යාපෘති සදහා චීන ණය ලබාගැනීම හේතුවෙන් ලංකාව ණය උඝුලක ඇද වැටෙන්නට නියමිත බවට අනාවැකි පළ කරමින් තිබේ. විශේෂයෙන්ම හම්බන්තොට වරාය සදහා චීනයෙන් ලබාගත් ණය වරාය ආදායම් නොමැතිකමෙන් පියවීම ප්‍රමාද වීම නිසා අවසානයේ එම වරාය චීනයටම පවරන්නට සිදුව ඇත. මත්තල ගුවන්තොටුපළද පාඩු පිට පවත්වාගෙන යාමෙන් වැළකීමට විකුණා දැමීම හැර විකල්පයක් නැත. අධිවේගි මාර්ග ඉදිකිරීමේදීද රාජපක්ෂ ආණ්ඩුව ප්‍රකාශ කළ මට්ටමේ ආදායම් උපදවන ආර්ථික සංවර්ධනයක් දකුණ නේද්‍රකරගෙන පැන නැගී නැත. මෙම ණය ව්‍යාපෘති ආර්ථිකයට බරක් වීම පමණක් නොව අවසානයේ ලංකාවේ සාමාන්‍ය ජනතාව ණය උගුලේ පැටලීම සිදුවනු ඇත.